brand logo

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිට කොවිඩ්

02 January 2021

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. බොරැල්ල තැපැල් ස්ථානයේ තවත් සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි. ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ තැපැල් ස්ථානය විවෘත කිරීමට සැලසුම් කර තිබේ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසක ලිපි බෙදාහැරීම් කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුව ඇති අතර තැපැල් සේවකයින් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකිරීම හේතුවෙන් සිදුවන තැපැල් සේවකයින්ගේ හිඟය මෙම තත්ත්වයට බලපා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.
 

More News..