brand logo

බොරැල්ල අනතුර : ඇප කොන්දේසි සම්පූර්ණ නොකළ සැකකරුවන් අද යළි අධිකරණයට

26 February 2019

බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඩිෆෙන්ඩර් රථයකින් අනතුරට ලක් කර පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප නියම වුවද ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සැකකරු අද(26) යළිත් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. බම්බලපිටිය ඩුප්ලිකේෂ්න් බුලර්ස් මංසන්ධියේදී බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා අනතුරට ලක් කර පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ(25) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. මිනීමැරීමට තැත් කිරීම යන චෝදනාව යටතේ එහිදී අධිකරණයට ඉදිරිපත් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වන 27 හැවිරිදි නවිඳු ඔමේෂ් රත්නායක එළඹෙන මාර්තු 11 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළා. මීට අමතරව මිනීමැරීමට තැත් කිරීම සඳහා ආධාර අනුබල දීම, වරදකරුවෙකු ආරක්ෂා කිරීම,සාක්ෂි අතුරුදන් කිරීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කළ සෙසු 07 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියම කළා. කෙසේවෙතත් ඇප නියමවු හත්දෙනාගෙන් එක් අයෙකු පමණක් ඊයේ (25) ඇප කොන්දේසි සපුරාලීමට සමත් වීම හේතුවෙන් සෙසු සැකකරුවන් අද (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔවුන් අද යළිත් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

More News..