brand logo

බොරැල්ලේ හුදකලා ප්‍රදේශයක ජනතාව උද්ඝෝෂණයක

26 November 2020

වනාතමුල්ල ප්‍රදේශයේ හුදකලා කර ඇති හල්ගහවත්ත ප්‍රදේශයේ ජනතාව අද (26) දැඩි උණුසුම්කාරී ලෙස හැසිරෙමින් විරෝධතාවයක නිරත විය. රුපියල් 5000 දීමනාව ලැබුණද මෙම ප්‍රදේශය තුළ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට ස්ථාන දෙකක් විවෘත කර තිබුණත් එහි අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන බව විරෝධතාවයේ නිරත පිරිස් කියා සිටියහ. ඉකුත් 19 වැනිදා රුපියල් 5000 දීමනාව තමන් වෙත ලැබුණ ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොපැමිණෙන හෙයින් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි බවට ඔහුන් චෝදනා කළ අතර බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මැදිහත්ව එම ස්ථානයේදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධකර දීමට කටයුතු කර ඇත. දින 02ක් ඇතුළත විසඳුමක් ලබාදීමේ පොරොන්දුව මත විරෝධතාවය අවසන් කර තිබේ.
 

More News..