brand logo

බොරලැස්ගමුව නගර සභාවේ වරිපනම් අංශය වසාදැමේ

19 January 2021

    බොරලැස්ගමුව නගර සභාවේ සේවකයකුට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇති අතර මේ අනුව එම නගර සභාවේ වරිපනම් අංශය තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන තිබේ. මේ බව නගරාධිපති කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත මහතා සඳහන් කරනවා. මේ අනුව වරිපනම් අංශයේ සේවකයින් 17දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. වේරහැර ප්‍රදේශයේ පදිංචි ආසදිතයාගේ මව මියගොස් ඇති අතර එම මියගිය කාන්තාවට කරන ලද PCR පරීක්ෂණයේ දී ඇයට වෛරසය ආසදිතව සිට ඇති බව තහවුරු වී තිබේ. අනතුරුව නගර සභා සේවකයටද PCR පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව ඔහුද ආසාදිත බව මේ අනුව හඳුනා ගෙන ඇත. මේ අනුව වසාදැමුන බොරලැස්ගමුව නගර සභාවේ වරිපනම් අංශය හෙට (20) යලි විවෘත කරන බව නගරාධිපතිවරයා සඳහන් කරනවා.
 

More News..