brand logo

බොයිලේරුවක් පුපුරා ඉන්දියානු ජාතිකයෙක් මරුට දෙදෙනෙක් රෝහලේ

03 January 2021

කොටදෙණියාව කරබොටුවාව ප්‍රදේශයේ පිහිටි ඉවත දමන අබලි යකඩ උණු කිරීමේ වැඩපලක බොයිලේරුවක් පුපුරායාමෙන් අනතුරක් සිදුවී තිබේ. අද (03) උදෑසන සිදුවූ අනතුරෙන් ඉන්දියානු ජාතිකයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කොටදෙණියාව පොලීසිය සඳහන් කරනවා. මිය ගිය පුද්ගලයා ජාවිඩ් නමැත්තෙකු බව පැවසෙනවා. ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් සේවයේ නිරත ඉන්දියානු සමාගමක් මගින් මෙය පවත්වා ගෙන යන අතර අබලි යකඩ උණු කරමින් තිබියදී බොයිලේරුව පිපිරීමකට ලක් වීමෙන් එහි යකඩ කොටස් ඉවතට විසි වී තිබෙනවා. අනතුරුව පිළිස්සුම් තුවාල ලත් තිදෙනා මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ජාවිඩ් නමැති ඉන්දියානු ජාතිකයා මියගොස් තිබේ. පසුව තුවාල කරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට මාරුකර යවනු ලබා ඇත. පිපිරීගිය ද්‍රාවණය වූ යකඩ කොටස් විසිරී මෙන් පසු තැන තැන කුට්ටි වශයෙන් පැවති බව පොලීසිය සඳහන් කරනවා.
 

More News..