brand logo

බේරුවල පිරිසක් පල්ලියකට රැස්වෙයි - විසුරුවන්න පැමිණි PHI නිලධාරීන්ට බාධා

03 April 2020

දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය නොතකමින් බේරුවල, කුට්ටිමලේ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට ජනතාව රැස්වී තිබේ. ඒ පිළිබදව සැලවූ වහාම එය නිරීක්ෂණය කිරීමට ගිය මහජන සෞඛ්‍ය නිළධාරීන්ට එම ස්ථානය ගොස් තිබේ. නමුත් ඒ අවස්ථාවේදී එම දේවස්ථානයේ සිටි පිරිස විසින් මහජන සෞඛ්‍ය නිළධාරීන්ට ඇතුළුවීමට ඉඩ නොදී ඔවුන්ගේ රාජකාරියට බාධා කර ඇත. ඉන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ තිබේ. පසුව අදාළ දේවස්ථානයට ඇතුළු වන මාර්ගයේ ගේට්ටුවට දමා තිබූ අගුළු කඩා ආරක්ෂක නිලධාරීන් ඇතුළුව තිබේ. මේ සම්බන්ධයෙන් වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවෙමින් තිබේ.... එම වීඩියෝව පහතින්.... වීඩියෝ - මුහුණු පොතේ ජනක සම්පත්
 

More News..