brand logo

බේරුවලින් යුද හමුදා කැළෑ ඇඳුම් සමඟ පස්දෙනෙක් අත්අඩංගුවට

16 May 2019

බේරුවල පොදු වෙළඳපල සහ අවට සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා කැළෑ ඇඳුම් සමඟ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරේ නිලධාරීන් සහ බේරුවල පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. කැමා බැනියම් 6ක්, දිග කලිසම් 2ක්, ටී ෂර්ට් 6ක්, කොට කලිසම් 6ක් සහ කුඩා කලිසම් 24ක් සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනා අතර අනන්‍යතාවය සනාථ කරගත නොහැකි වූ පුද්ගලයන් තිදෙනෙකුද සිටින බව පොලිසිය කියයි.
 

More News..