brand logo

බේකරි හිමියන්ගෙන් රතු එළියක්

06 April 2021

මෙරට බේකරි නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට සිදු වනු ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි. මෙරට පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා බේකරි නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් කඩා වැටෙනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි. බේකරි නිශ්පාදන සදහා අත්‍යවශ්‍යම සාධකයක් වන මාගරින් නිපදවෙන්නේ පාම් ඔයිල් යොදාගෙන බැවින් පාම් ඔයිල් තහනම් කිරීම හේතුවෙන් බේකරි නිෂ්පාදන කටයුතු සිදු කිරීමය නොහැකි වනු ඇත. අවශ්‍ය වෙනත් ඔයිල් වර්ග ගෙන්වන්නේ නොමැතිව පාම් ඔයිල් තහනම් කිරීම ප්‍රයෝගික නොවන අතර මෙය විශාල අර්බුදයක පෙර නිමිත්තක් බව එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි. මේ තීරණයෙන් වන්නේ ලංකාව පුරා සිටින බේකරි සහ හෝටල්කාරයින් පාරට ගෙන්වා නැති ප්‍රශ්නයක් ඇති කිරීමට බව එන්. කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..