brand logo

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමේ තීරණයක්

02 June 2020

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් බේකරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිදවැටී ඇති බවයි. එමෙන්ම රජය විසින් පසුගියදා බේකරි නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය (මාගරින්, බිත්තර, ෆාම් ඔයිල්) රැසක බදු මිල ඉහළ දැමීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ජයවර්ධන මහතා පැවසීය. මේ පිළිබදව ලිඛිතව ජනාධිපති, අගමැති සහ ජනාධිපති ලේකම්වරයා ට ද දැනුම් දී ඇති අතර, සිය කර්මාන්තය යළි නගා සිටුවීම සදහා බදු සහනයක් ලබාදෙන ලෙසට එමගින් ඉල්ලා තිබේ. මේ අතර පසුගිය කාලයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බේකරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත සේවකයින් ගම්බිම් බලා ගොස් ඇති අතර, ඔවුන් යළි ගෙන්වා ගැනීමට ද ගැටළුවක් මතුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..