brand logo

බෙදුණු එජාපය එක් කරන්න කරූ කපුකමක

16 August 2019

එක්සත් ජාතික පක්ෂය පිල් දෙකකට බෙදෙමින් පවතින බවද, එය වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙසද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුද කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලීම් කර ඇත. පක්ෂය ඇතුළේ මේ වන විට රනිල් පිල සහ සජිත් පිල ලෙස පැහැදිලිව කණ්ඩායම් දෙකක් නිර්මාණය වෙමින් පවතින නිසා එය එක්සත් ජාතික පක්ෂයේ අනාගතයට හානියක් බව මෙම පිරිස් කථානායකවරයාට පෙන්වා දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන්, හිටපු ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙන්ම පාක්ෂිකයන්ද පසුගිය දින කීපයේම කථානායකවරයා හමුවට පැමිණ මෙම ඉල්ලීම සිදු කළ බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. තමන්ට හැකි උපරිම ආකාරයෙන් මේ සඳහා මැදිහත් වන බව මෙම පිරිසට ප්‍රකාශ කළ කථානායකවරයා තමන්ට එය කළ හැක්කේ කථානායක තනතුරේ සීමාවන්ට යටත්ව බවද පවසා තිබේ. අජිත් අලහකෝන්
 

More News..