brand logo

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පිඩන අවපාතයක් පිලිබදව අවධානයෙන් ඉන්නැයි උපදෙස්

02 August 2019

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වෙමින් පවතින පීඩන අවපාතයෙන් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි බලපෑම් අවම කරගැනීම සදහා ධිවරයින් දැනුවත් කර ආරක්‍ෂක වැඩපිළිවෙල වහා ක්‍රියාත්මක කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. රාජ්‍ය අමාත්‍යතුමා සියළු ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම කාලගුණ තත්වය පිළිබද ධීවර දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරමින් සිය ජිවිත ආරක්‍ෂාව උදෙසා වැඩි අවධානයක් යොමු කරන ලෙසය . ඉදිරි දින කිහිපය පුරා නිරන්තර අවදානයෙන් සිටින ලෙස සියළු ධීවර රැකියාවේ නිරත සියළු ධීවරන් වෙත ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය විසින් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ . බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිර්මාණය වෙමින් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති කාලගුණ අනාවැකියට අනුව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය මෙම අනතුරු ඇගවීම් සියළු ධීවර ප්‍රජාව වෙත ඊයේ නිකුත් කළේය . ඒ අනුව ඉදිරි දින කිහිපය තුල සිය රැකියාවේ නිරතව සිටින සියළු ධීවරයින් මෙම කාලගුණ තත්වයන් පිලිබදව නිරන්තර අවධානයෙන් සිටිමින් ලබා දී ඇති ආරක්‍ෂක උපදෙස් ක්‍රියාත්මක කල යුතු බවට එම අනතුරු ඇගවීම මගින් ධිවරයින් දැනුවත් කර තිබේ . එලෙසම ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ ,අසුන් මැරීමේ නිරත බහුදින යාත්‍රා මෙම පිඩන අවපාතය පිළිබද අවදානයෙන් සිට කාලගුණ අනාවැකි අනුව වහාම ආරක්‍ෂිත ප්‍රදේශ වෙත යොමු වීමට කටයුතු කලයුතු බවද ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කල නතුරු ඇගවීමේ සදහන් . පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අනාවැකියේ සදහන් වෙයි.
 

More News..