brand logo

බෙංගාල බොක්කේ අඩු පීඩනයක් - ධීවරයන්ට අනතුරු හැඟවීම්

18 September 2020

  ධිවර රැකියාවේ නියුතු ධීවර යාත්‍රා කඩිනමින් ඉවත්වී ආරක්‍ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන මෙන් නිවේදනයක් නිකුත්කර ඇත. සියලුම ධිවර යාත්‍රා සැප්තැම්බර් 18 වන දින සිට මධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 06-16 සහ නැගෙනහිර දේශාංශ 83-96 (06N -16N ,83E -96E ) කලාපය තුළ අඩු පීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් එම ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ හැකියාවක් පවතින බැවින් එම ප්‍රදේශවල රැකියාවේ නියුතු ධීවර යාත්‍රා ඉහත ප්‍රදේශවලින් කඩිනමින් ඉවත්වී ආරක්‍ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන මෙන් උපදෙස් දී ඇත. තවද දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා ඉහල යාමේ හැකියාවක් ද පවතී. එබැවින් ධීවර රැකියා සඳහා පිටත්ව යන යාත්‍රා මේ පිළිබඳව සැළකිලිමත් විය යුතු බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිළ නිවේදනයේ සඳහන් වේ.
 

More News..