brand logo

බූස්ස බන්ධනාගාරයේ සිට ඇප ලබා ගිය දෙදෙනෙකුට කොරෝනා

19 November 2020

බූස්ස බන්ධනාගාරයේ සිට ඇප ලබා නිදහස්ව නිවෙස්වලට ගොස් සිටි සැකකරුවන් දෙදෙ‌නෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (18) තහවුරු වී තිබේ. ගාල්ල දිස්ත්‍රික් ප්‍රා‌දේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවසුවේ මෙම සැකකරුවන් දෙදෙනා බන්දේගම නවජනපදයේ හා හික්කඩුව ගලගොඩ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. මොවුන් පසුගිය 11 වැනිදා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට ඇප ලබා නිවෙස්වලට ගොස් ඇත. මෙම සැකකරුවන් දෙදෙනා පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමුකර ඇති අතර, එම පරීක්ෂණ වලින් මොවුන් කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මෙවුන් ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහල වෙත යැවීමට කටයුතු කළ බවද වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. මේ අතර මොවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර ඇත.
 

More News..