brand logo

බූරු පොළකින් හමුවූ කොවිඩ් ආසාදිතයෝ

29 January 2021

    කෑගල්ල, වැලිමන්නාතොට, ඇටෝරුවාව, සමගිගම ප්‍රදේශයේ නිවසක සූදු ක්‍රීඩාවේ යෙදුණු පිරිසක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. නිවසේ පැවති උපන්දින සාදයක දී සූදු ක්‍රීඩාවේ නිරතවී ඇති අතර' කොවිඩ්-19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වනවා. මේ අනුව එම ප්‍රදේශයේ නිවාස 09ක පුද්ගලයන් නිරෝධායනය සඳහා යොමුකළ බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර ඇත. මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනුන අතර අනතුරුව ආණ්ඩුකාරවරයා ස්වයං නිරෝධායනයට යොමුව තිබේ.
 

More News..