brand logo

බුලත්සිංහල 55 කට කොරෝනා

18 November 2020

බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ඊයේ(17) දින කොරෝනා ආසාදිතයින් 10දෙනෙකු හඳුනා ගෙන ඇත. මේ වනවිට බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් හමුව ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 55 දක්වා ඉහළ ගොස් ඇති බව බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කරයි. ගෝවින්න, කොබවක දෙහිගහවල යටගම්පිටිය හල්වතුර බෝතලේගම සහ මීගහකුඹුර ග‍්‍රාමසේවා වසම් වලින් ඊයේ දින ආසාදිතයින් හඳුනා ගෙන ඇත. බල ප‍්‍රදේශය තුළ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ ප‍්‍රබල බලපෑම දේවමුල්ල ග‍්‍රාම සේවා වසම කේන්ද්‍රකරගත් ගෝවින්න කලාපය මත සිදුවී ඇති අතර එය ක‍්‍රමයෙන් ඈගල්ඔය කලාපය හා මහගම කලාපය වෙත ද ගමන් කිරීමට යම් ප‍්‍රවණතාවයක් තිබෙන බව දත්ත විශ්ලේෂණයේදී නිරීක්‍ෂණය වි ඇත. මේ ප්‍රදේශයේ මේ වනවිට පවුල් 420ක් නිරෝධායනයට ලක්කර තිබෙන අතර ඒ සියලූ පවුල්වලට සහනාධාර ලබාදී ඇති බව වාර්තා වේ.
 

More News..