brand logo

බුරවි සුළි කුණාටුවෙන් බරපතළ හානි නෑ

03 December 2020

බුරවි සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 70 - 80 පමණ වන අතර එය විටින් විට පැ.කි.මී 90ක් දක්වා වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඊයේ (02) රාත්‍රී 10.30 - 11.30 ත් අතර සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ තිරියායි සහ කුච්චවේලී අතරින් ගොඩබිමට ඇතුළු විය. මෙය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර මන්නාරම් බොක්ක වෙත අද උදය වරුවේ ගමනු කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර බුරවි සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි. ගස් කඩාවැටීම් ආදි හානි බොහෝ තැන්වලින් වාර්තා වන බව දිස්ත්‍රික් කළමනාකරණ ඒකක වාර්තා කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. බුරවි සුළි කුණාටුවේ සජීවී තොරතුරු පහතින්... https://earth.nullschool.net/#current/wind/isobaric/1000hPa/orthographic=80.25,8.27,5396/loc=80.009,6.902
 

More News..