brand logo

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් 20දෙනා 26 වනදා දක්වා යළි රිමාන්ඩ්

12 December 2019

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 20දෙනා මෙම මස 26 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ එම සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. මෙම සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ රදවාගෙන ප්‍රශ්ණ කරන 19 දෙනා ද අද මෙම මහේස්ත්‍රාත්වරයා හමුවටම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන වසරේ මාර්තු මස 05 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලබාදුඉ ඇති අතර මෙම සිද්ධියට අදාලව කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුද අද පළමු වරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම දිනය දක්වා රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලබා දී ඇත.
 

More News..