brand logo

බුදුන් වැඩිය උතුම් දිනය අදයි

10 January 2020

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය වන මහියංගණයට වැඩම කිරීම සිදුවූ වසරේ මුල්ම පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසීන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවක් ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. එම ධාතු නිධන්කොට මහියංගණ චෛත්‍ය ඉදිකළ බව පැවැසේ. බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල් දනව්වට වැඩම කර උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප හා නදී කාශ්‍යප සමග දහසක් ජටිලයන් දමනය කිරීම හා ඔවුන් බුදුන් සරණට පත්වීමෙන් පසු පැවිදි කරවීම සිදුවූයේද අද වැනි පුර පසළොස්වක පොහොය දිනයකය.
 

More News..