brand logo

බුදුදහම හා ඉස්ලාමය ප්‍රවර්ධනය කරන සාරධර්මයන් මතයි පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පදනම් වෙන්නේ

14 March 2019

බුදුධාහම හා ඉස්ලාමය ප්‍රවර්ධනය කරන නිරන්තර සාරධර්මයන් මත පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා පදනම් වී ඇතැයි පාකිස්ථාන මහා කොමසාරිස් පැවැසිය. "ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය ඉතිහාසය තුල සංස්කෘතික උරුමයන් ශක්තිමත් සබඳතාවන් උරුම කර ඇත. දෙරටේ ජනතාව අතර පවත්නා අන්යෝන්‍ය සම්බන්ධතා බුද්ධාගම හා ඉස්ලාමයේ ප්‍රවර්ධනය කරන ලද නිරන්තර සාරධර්මයන් වන සාමය හා මනුෂ්‍යත්වය මත පදනම් වී ඇත." පකිස්ථානයේ මහ කොමසාරිස් මෙජර් ජෙනරල් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්ටමට් මැතිතුමන් මෙම අදහස් ප්‍රකාශ කළේ බෞද්ධ සහ ගාන්ධාර ශිෂ්ටාචාරය පිළිබඳ පැවැත්වුණු අන්තර්ජාතික සම්මන්ත්‍රණයක දී ය. "පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පවත්නා සංස්කෘතික සබඳතාව" යනු තේමාව යටතේ මෙම අන්තර්ජාතික සම්මන්ත්‍රණය බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සමඟ එක්ව පකිස්ථාන මහා කොමසාරිස් කාර්යාලය විසින් හෝමාගමහිදි සංවිධානය කරන ලදි. බලොජිස්ථාන් විශ්ව විශ්වවිද්‍යාලය, හිටපු උප කුලපති සෙනාධිනායක විශ්‍රාම අග්හා අහ්මඩ් ගුල්, ආසියානු ශිෂ්ටාචාරයේ තක්ෂිල්ලා මධ්‍යස්ථාන අධ්‍යක්ෂක මහාචාර්ය ආචාර්ය ඝානී ඌර් රෙහුමාන්, ජර්මානු මෙන්හීස් සරසවියේ මහාචාර්ය ආචාර්ය හියු වෑන් ස්කයික්ක්, චීන ෂිංහුවා විශ්ව විශ්වවිද්‍යාලය සන්නිවේදනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලී ෂින්හාන්, පකිස්ථාන උසස් අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක සෙනාධිනායක විශ්‍රාම ෂාෆ්ඩර් ආචාර්ය අලි ෂා සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය ගල්ලේල සුමනසිරි නාහිමි යනු ප්‍රවීන විද්වතුන් මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ප්‍රධාන කථිකයන් ලෙස සහාභාගි වුහ. බ්‍රිගේඩියර් අග්හා අහ්මඩ් ගුල් මැතිතුමන් රුස්වීම අමතමින් ගාන්ධරා ශිෂ්ටාචාරයේ විවිධ අංගයන් සහ එහි ඓතිහාසික හා සංස්කෘතික ආනුභාවයන් පෙන්වාදුන්නේය. මහාචාර්ය ඝානී ඌර් රෙහුමාන් මැතිතුමාන් මෙසේ පැවැසිය පකිස්ථානයේ ඉතිහාසය පිළිබඳ දීප්තිමත්ම පරිච්ඡේදවලින් එකක් වන්නේ පස්වැනි ශතවර්ෂ තුළ සමෘද්ධිමත් වූ බෞද්ධ ගාන්ධාරයයි. ගාන්ධාර කලාවේ පුජනීය ධාතුන් හා ප්‍රතිමා ගණනාවන් අතරේ කලාත්මක නිර්මාණයන්හි මුඛ්‍ය ලක්ෂණයක් වන්නේ සිද්ධාර්ථ කුමරුන්ගේ දුෂ්කර ක්‍රියාව (fasting Siddhārtha) බව මහාචාර්ය හියු වැන් ස්කොහෝක් මහාතා සිය දේශනයෙහිදි පැහැදිලි කලේය. 5වැනි ශතවර්ෂයේ දී ෆැක්සියන් සිට චීන වන්දනාකරුවන් පස්දෙනා විසින් ලියන ලද උඩියනය (Uddiyana- උතුරු පකිස්ථානයේ ස්වාට් ප්‍රදේශය) පිළිබඳ සංචාරක සටහන් මහාචාර්ය ලී ෂින්හාන් මහාතා විසින් විස්තර කරන ලදි. චීන බුද්ධාගම තුළ උඩියනය (Uddiyana) යනු පදය ලොව ප්‍රසිද්ධ අධිරාජ්‍යයා ජේඩ් හා අමරණීයයන් ජීවත් වු බටහිර ස්වර්ගය සමග හඳුනාගෙන ඇත. පාකිස්තානයේ සංරක්ෂණය කරන ලද බෞද්ධ ආශ්‍රමයන්, ස්ථුප ඇතුළු බෞද්ධ උරුමයන් සහ ගාන්ධාර කලාවේ විවිධ අංගයන් පිළිබඳව ආචාර්ය අලි ෂා මහාතා පැහැදිලි කළ අතර බුදුදහම එහි උපන් ස්ථානයෙන් ඔබ්බට පැතිරුණු විට මුල්ම ස්ථාන දෙක වූයේ ගාන්ධරාව (පකිස්ථානය) සහ සේලාන් (ශ්‍රී ලංකාව) බව එතුමා පැවැසීය. බුදුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා ලංකාව ඇතුළු ලොව වටා වෙනත් ස්තූප සමඟ සම්බන්ධ කරගත් ගාන්ධාරා පූජනීය භූමියේ තැන්පත් කර ඇති බව එතුමා සදහාන් කලේය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, ජ්යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය ගල්ලෙල්ල සුමනසිරි නාහිමියන් සිය කතාවෙදි සහභාගි වු ආගන්තුකයන් උණුසුම් ලෙස පිළිගත්තේය. පකිස්ථානයේ ස්තාපිවු පුරාවිද්‍ය නිධානයන්, බෞද්ධ සිද්ධස්ථානයන් සහ කෞතුක වස්තු බෙහෙවින් සංරක්ෂණය කරමින් සිටින පකිස්ථාන රජය ආචාර්ය ගල්ලෙල්ල සුමනසිරි නාහිමියන් ප්‍රසංශා කළේය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය අගය කළේය. මෙම සම්මන්ත්‍රණයේ අවසානෙය්දී,පකිස්ථානයේ මහා කොමසාරිස් මෙජර් ජෙනරල් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්ටමට් මැතිතුමන් පකිස්ථාන රජය සිය මහකොමසාරිස් කාර්යාලය හරහා ශ්‍රී ලංකා ශිෂ්‍යයන් සදහා විවිධ ක්ෂේත්‍රවල ශිෂ්‍යත්ව 1000 ක් ප්‍රධානය කිරිමට අමතරව ශිෂ්‍යයන් හා පීඨ සාමාජික හුවමාරු වැඩසටහන් සංවිධානය කිරිමට සුදානම් වන බව පැවැසීය. තවදුරටත්, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් හා මෙම සම්මන්ත්‍රණයට සහභාගීවන්නන් හා සිසුන් පකිස්ථානයට පැමිණෙන ලෙසත්, මේ සම්බන්ධයෙන් පූර්ණ සහාය සහ වීසා පහසුකම් සැපයීමට පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කිරිමට සුදානම් බවත් මහා කොසාරිස්වරයා ප්‍රකාශ කලේය. පකිස්ථානය සාමය කැමති රටක් බවත්, දකුණු ආසියාතික රටවල් සමඟ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමඟ සියලු ක්ෂේතත්‍රවල සහයෝගීතා ප්‍රවර්ධනය කිරිම සඳහා සහාය ලබා දෙන බවත් එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
 

More News..