brand logo

බුද්ධි සේවයට ‘ගොට්ටෝ’ පත්වෙති

11 May 2019

මුස්ලිම් අන්තවාදීන් හඳුනා ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශය යළි ප්‍රතිසංවිධානය කරන ලෙසට පොලිස් මූලස්ථානය ලබා දී ඇති නියෝගය අනුව ක්‍රියාත්මක වී ඇති පොලිසිය ඊට සුදුසු පළපුරුදු නිලධාරින් නොසලකා පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට හිතවත්කම් ඇති අය බඳවාගෙන ඇති බව වාර්තාවේ. සෑම පොලිස් ස්ථානයකටම බුද්ධි අංශ නිලධාරින් දෙදෙනකු හෝ හතර දෙනකු බැගින් කොට්ඨාස බුද්ධි ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යටතේ හා නියෝජ්‍ය පොලිස්පති යටතේ වෙන් වෙන්ව බුද්ධි ඒකක පවත්වාගෙන යාමට කටයුතු කරයි. ඒවා රාජ්‍ය බුද්ධි සේවයට හා විශේෂ කාර්යාංශ බුද්ධි ඒකකයට අමතරව පවත්වාගෙන යයි. කෙසේ වෙතත් මීට පෙර එම පොලිස් ස්ථානවල හා කොට්ඨාස බුද්ධි ඒකකවල රාජකාරි කටයුතු කළ නිලධාරින් ඉන් ඉවත් කර සාමාන්‍ය රාජකාරිවලට යොමු කළ අතර ඔවුන් බුද්ධි රාජකාරිය සඳහා පුහුණු හා පළපුරුදු නිලධාරින්ය. එසේ පළපුරුදු පුහුණු නිලධාරින් සිටියදී ඉහළ පොලිස් නිලධාරින්ට හිතවත් නිලධාරින් තම ප්‍රතිසංවිධානය යටතේ ඊට අනුයුක්ත කළ අැති බව වාර්තා වේ.
 

More News..