brand logo

බුද්ධි තොරතුර ගැන බොරුවට බව වෙන්න එපාලු

26 September 2021

පොලිසිය ඇතුළේ ඉන්න හොර අල්ලන මෙහෙයුමක්

Interschool නමින් වට්ස්ඇප් කණ්ඩායමක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවත් මේ ආකාරයේ තොරතුරු බුද්ධි අංශවලට ලැබුණු විට වැඩිදුර විමර්ශන සදහා ඒවා ඉහළ නිලධාරීන් අතරට යොමු කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කරනවා ගැටළුව වී තිබෙන්නේ එම තොරතුර සම්බන්ධයෙන් නොව, වැඩිදුර සොයා බැලීමක් සදහා ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට යොමුකල එම බුද්ධි තොරතුර එහෙම් පිටින්ම ලිපි ශීර්ෂ සහිතව සමාජ මාධ්‍ය ජාල වල හුවමාරුවීම බවද නිහාල් තල්දූව මහතා පැවසීය. තමන්ට ලද තොරතුරක් නිසි අංශ මගින් වැඩිදුර තහවුරු කරගැනීමක් සදහා ඉහළ නිලධාරීන්ට යොමු කළ එම බුද්ධි තොරතුර සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැරියේ කවුරුන් විසින්දැයි යම් සොයා බැලීමක් ඉදිරියේදී සිදුවනු ඇතැයිද නිහාල් තල්දූව පවසනවා මේ දිනවල පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ පොලීසියේ තොරතුරු හුවමාරුවන්නේ වට්ස්ඇප් මගින් බවද නිහාල් තල්දූව මහතා සදහන් කළේය. මෙවැනි බුද්ධි තොරතුරු ඉහළ නිලධාරීන්ට දැනුම්දීම් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සාමාන්‍යයෙන් සිදුවනක් බව මෙන්ම මේ ආකාරයේ විශාල ප්‍රමාණයක් බුද්ධි තොරතුරු පොලීසිය තුළ හුවමාරුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..