brand logo

බුද්ධිමත් ජනතාව අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්නේ නැහැ

11 November 2019

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී විරුද්ධ පාක්ෂිකයින් විසින් මේ වන විට විශාල බොරු ප්‍රචාරයන් දියත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නමුත් බුද්ධිමත් ජනතාව කිසිදු දිනෙක එවැනි බොරු ප්‍රචාර වලට නොරැවටෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා නොච්චියාගම ප්‍රදේශයේ පැවැති ජන රැළියකට සහභාගි වෙමින් කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේ තමන් සෑම රැළියකදීම කතාබහ කරනු ලැබුවේ තමන්ගේ ප්‍රතිපත්තිය ගැන පමණක් බවයි. නමුත් අවාසනාවකට විරුද්ධ පක්ෂය බොරු ප්‍රචාරයන් සිදු කරමින් මැතිවරණ ප්‍රචාරනයන් සිදුකරන බවත්, එවැනි ප්‍රකාශයන් වලට බුද්ධිමත් ඡන්දදායකයා කිසිදු දිනෙක නොරැවටෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

More News..