brand logo

බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබාදෙමින් ඒකීය රාජ්‍ය ආරක්ෂා කරනවා - අගමැති

28 December 2018

බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබාදෙමින් ඒකීය රාජ්‍ය ආරක්ෂා කරගෙන ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (28) පෙරවරු ශ්‍රි දළද්‍රා සමිදු වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහනායක හිමිපානන් වහන්සේලා බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේ. පවතින ව්‍යවස්ථාවේ 9වන වගන්තියේ සඳහන් පරිදි බුද්ධාගමට මුල් තැන දීමේ වගන්තිවල එකදු අකුරක් හෝ වෙනස් නොකරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසුවා. මේ අතර පසුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා බිද දමා විනාශ කිරීමේ සිදුවීමට සම්බන්ධ සියලුමදෙනාට දඩුවම් ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළා. https://youtu.be/OpHZysWvyCQ මහනුවර - හේරත් ඒකනායක
 

More News..