brand logo

බීරූට් වරාය පිපිරීමට අගමැති ඇතුළු 4කට චෝදනා

11 December 2020

ලෙබනන් බීරූට් වරාය පිපිරීමෙන් 200කට අධික පිරිසක් මියගිය අතර පිපිරීයාම සම්බන්ධයෙන් එවකට ධුරය දැරූ අගමැතිවරයට එරෙහිව සහ තවත් ඇමතිවරුන් තිදෙනෙකුට එරහිව අධිචෝදනා ගොනුකර තිබේ. මෙසේ අධි චෝදනා ගොනුකර ඇත්තේ ලෙබනන් හිටපු අගමැති හසන් ඩයබ් ට බව වාර්තාවේ. එසේම හිටපු මුදල් ඇමති අලි හසන් කලීල් සහ පොදු කාර්යයන් සම්බන්ද අමාත්‍යවරුන් දෙදෙනකු වන යූසෙෆ් ෆෙනියානොස් හා ගාසි සයිටර් යන පිරිස සෙසු තිදෙනා වේ. පිපිරීම හේතුවෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ මොවුන් සිව් දෙනාට අධි චෝදනා ගොනුවී ඇත. එසේම මෙය ලෙබනන් ඉතිහාසයේ පළමුවරට අගමැති වරයෙකුට එරෙහිව අධි චෝදනා ගොනුවූ පළමු අවස්ථාව බවද පැවසේ. වසර ගනනාවක් තිස්සේ බීරූට් වරාගේ ගොඩගසා තිබූ ඇමෝනියම් නයිට්‍රේට් පොහොර ටොන් සිය ගනනක ගබඩාවක් මෙලෙස පුපුරා ගියේය. සිදුකර විමර්ශනයේදී හෙළිව ඇත්තේ පොහොර තොගය බැහැර කිරීම කල් දැමීමට එරෙහිව සැකකරුවන්ට ලිඛිත දැනුම්දීම් කිහිපයක්ම ලැබී ඇති බවයි. එම විනාශකාරී ක්‍රියාව වලක්වා ගැනීම සිදු නොකිරීම යන චෝදනාව ද තිබේ. දේශීය සහ විදේශීය වශයෙන් අපක්ෂපාති පර්ක්ෂණයක් ඉල්ලා සිටියද ජාත්‍යන්තර පරීක්ෂණය ප්‍රතික්ෂේප කෙරුණ අතර කරන ලද පරීක්ෂණයේදී ඉහල පෙලේ රේගු නිලධාරීන් 25 දෙනකු අත්අඩංගුව ගැනීම සිදුවූවා.
 

More News..