brand logo

බීරූට් නගරයේ ලක්ෂ 3 කට නිවාස අහිමි වෙයි

05 August 2020

ලෙබනනයේ බේරුට් නගරයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් 300,000 ක පමණ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර නගරයෙන් අඩකට පමණ හානි සිදුවී තිබේ. මෙම පිපිරීමෙන් සිදුවූ හානිය ඩොලර් බිලියන 3 කට වඩා වැඩි යැයි ගණන් බලා ඇතැයි බේරූට්හි ආණ්ඩුකාරවරයා පවසා ඇත. "මම හිතන්නේ දැන් නිවාස නොමැති පුද්ගලයින් 250,000 ත් 300,000 ත් අතර සංඛ්‍යාවක් සිටිනවා. අඟහරුවාදා පිපිරීමෙන් සිදුවූ හානිය සඳහා ඇස්තමේන්තුගත හානිය ඩොලර් බිලියන 3.0 ත් 5.0 ත් අතර විය හැකියි“ යැයි ආණ්ඩුකාර මාර්වන් අබූඩ් මහතා පැවසීය.
 

More News..