brand logo

බීමතින් මගීන් ප්‍රවාහනය කළ රියදුරුගේ බලපත්‍රය ජිවිත කාලයටම අහෝසියි

12 June 2019

බීමතින් මගීන් ප්‍රවාහනය කළ ගම්පහ, කොළඹ පෞද්ගලික බස්රථ රියදුරුගේ රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම අහෝසි කිරීමට අධිකරණය අද (12) නියෝග කර ඇත. ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම රියැදුරුට මෙම නියෝගය ලැබී ඇති අතර එයට අමතරව ඔහුට රුපියල් 7500 ක දඩයක් නියම කර ඇත. ඉතා අපරීක්ෂාකාරි ලෙස බස්රථය ධාවනය කරන අවස්ථාවේදී ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් රියැදුරා ශ්වසන පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු බීමත්ව සිටි බවය. එම රියදුරු දෙකටන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.
 

More News..