brand logo

බීමතින් බිරියට ගැහුව සැමියාගේ පපුව පලාගෙන පිහියක් බහී

10 September 2021

මල මිනිස්සු බොරු නොකියන බවට තවත් සාක්ෂියක් මෙන්න

පිහියකින් ඇණ තම සැමියා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධව සැකකාර බිරිදක් ඊයේ (09) නෙළුව පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ ඝාතනය කොට ඇත්තේ 32 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහුගේ පපු ප්‍රදේශයට අනින ලද පිහි පහරකින් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. පවුල් ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝතනය වී ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය නෙළුව ලේල්වල ජම්බුගස්විල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදිවියේ පසුවන තිදරු මවකි. සැමියා බිමත්ව නිවසට පැමිණ බිරිදට හිරිහැරකරන බවට පරික්ෂණවලදි අනාවරණය වී ඇත. පොලිසියට මුලින්ම මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ මියගිය තැනැත්තා විසින් පිහියෙන් ඇණගත් බවට වන අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේ දි මෙය ඝාතනයක් බවට අනාවරණය වි ඇත. පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාව හා සැකකාරිය විසින් ලබාදෙන සාක්ෂි පරස්පරවීම නිසා පොලිසිය විසින් මෙම සිද්ධිය පිළිබද පුළුල් විමර්ශනයක් සිදුකොට ඇත. එහිදි අනාවරණය වි ඇත්තේ බිරිද විසින් සැමියාට පිහියකින් ඇණ ඇති බවය. ඝාතනය සදහා යොදාගත් පිහියද පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකාරිය අද (10) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. නෙළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ඒ.ඒ මාරසිංහ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාර තැනැත්තිය අත්අඩංගුවට ගෙන ඇත. එච් එම් සමන් - අක්මීමන
 

More News..