brand logo

බීමත් රියදුරන් 758ක් අල්ලයි

15 April 2021

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් ගත වූ පැය 24 තුළ බීමත්ව රථ ධාවනය කළ රියැදුරන් 758 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අත්අඩංගුවට ගන්නා රියදුරන් පොලිස් ඇප මත මුදා නොහැර අධිකරණයට ඉදිරිපත් කරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. බීමත්ව රියපදවන රියැදුරන් සොයා ඉදිරියටත් මෙහෙයුම් සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරත් පවසයි
 

More News..