brand logo

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට මාසයක් විශේෂ වැටලීමක්

05 July 2019

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට මසක කාලයක් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි විශේෂ වැටලීම් සිදුකිරීමට නියමිතව ඇත. වැටලීම්වලදී අත්අඩංගුවට පත්වන රියදුරන් නිදහස් කර ගැනීම සඳහා පොලිසියට බලපෑම් සිදුකරන පුද්ගලයින් පිළිබඳවද එම අවස්ථාවේදීම තොරතුරු සටහන් කරගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරයි. බීමත් රියදුරන් වරදකරුවන් බවට පත්වුවහොත් වැටලීම සිදුකළ නිලධාරීන්ට ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළ අතර මින් ඉදිරියට මත්ද්‍රව්‍ය තොරතුරු දැනුම්දීම සඳහා 1984 යන කෙටි අංකයට ඇමතීමෙන් තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවත් සඳහන් කළේය.
 

More News..