brand logo

බීඩි කොළ 11000ක ඉගුරුකඩේ හංදියේ පිහිටි රේගු අංගනයකදී අත්අඩංගුවට

28 May 2019

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝ 11000කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඉගුරුකඩේ හංදියේ පිහිටි රේගු අංගනයක තිබියදීයි. පොලීසිය පැවසුවේ ටයර් සෑදීමට පාවිච්චි කරනු ලබන රසායනික ද්‍රව්‍යයක් ගෙන්වන මුවාවෙන් මෙම බීඩි කොළ ගෙනවිත් ඇති බවයි. ශ්‍රී ලංකා රේගුවේ ද සහාය ඇතිව මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
 

More News..