brand logo

බීඩි කොළ කිලෝග්‍රෑම් 600 සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

05 November 2019

බීඩි කොළ කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 05) උඩප්පු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ඒ අනුව, වයඹ නාවික විධානය විසින් පුත්තලම, උඩප්පු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරික්ෂණය කර ඇති අතර, එය පරික්ෂා කිරීමේදී එහි තිබී ‍මෙම බීඩී කොළ තොගය සොයාගෙන ඇත. මෙලෙස සොයා ගන්නා ලද බීඩි කොළ තොගය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු සහ ඩිංගි යත්‍රාවක් ද නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙම පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 26 හා 31 වන වියෙහි පසුවන පුල්මුඩේ සහ කන්දක්කුලිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, බීඩිකොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සින්නපාඩු, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත. තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාවක් නොමැති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.
 

More News..