brand logo

බිරිය පැදවූ රියට යටවී සැමියා නසී

22 October 2020

බිරිය පැදවූ මෝටර් රථයට යට වී බරපතල තුවාල ලැබූ 42 හැවිරිදි සැමියකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ(21) මියගොස් තිබේ. අධික ලෙස හොරොයින් පානය කිරීමට ඇබ්බැහි වී ඇති බව කියන මෙම පුද්ගලයා හෙරොයින් පානය කිරීමට නිතරම මුදල් ඉල්ලා අරවුල් ඇති කරගෙන ඇති අතර ඊයේ දිනයේදී ද එලෙසම ආරවුලක් සිදුවී තිබේ. කහතුඩුව පොලිසියට පැමිණිලි කිරීමට බිරිය සිය කාර් රථයෙන් පැමිණ නැවත නිවසට යන විට පොල්ගස්ඕවිට වෙල කුඹුර පාරේ බෝක්කුවක් අසල සැගවී සිට ඇති සැමියා බිරියගේ කාර් රථයට පැන තිබේ. කාර් රථය නොනවත්වාම යළිත් පොලිස් ස්ථානයට පැමිණ ඇති කාන්තාව පොලිසිය වෙත සිදුවීම පවසා ඇත. මීට පෙරද මෙම පුද්ගලයා එක් අවස්ථාවකදී මෙම කාන්තාව සමග ආරවුල් ඇති කරගෙන කාර් රථයේ බොනට්ටුව මතට නැග තිබේ. එම අවස්ථාවේදී කාන්තාව විසින් ඔහු කාර් රථය මත සිටියදීම පොලිසිය වෙත ධාවනය කර ඇත. මාරක රිය අනතුරක් කිරීමේ චෝදනාව යටතේ සැකකාර කාන්තාව කහතුඩුව පොලියිස මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාව ලබන මස දෙවැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියෝ කර තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එච්. වික්‍රමරත්න ඇතුළු පොලස් කණ්යමක් වැඩිදුර විමර්ශන සිදු කරයි. හේමන්ත ලියනපතිරණ
 

More News..