brand logo

බිරිඳට පිහියෙන් ඇනීමට තැත් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

21 October 2019

හලාවත දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයට ඇතුළු වී එහි සේවය කරන සිය බිරිඳට පිහියකින් ඇනීමට තැත් කළ හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු රෝහලේ ආරක්ෂක අංශ අද ( 21) හලාවත පොලිසියට බාර දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා මුගුණුවටවන මහගම ප්‍රදේශයේ පදිංචි හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු වන අතර අධික බීමතින් පැමිණි ඔහු රෝහලේ කණිෂ්ඨ සේවිකාවක ලෙස සේවය කරන බිරිඳට පහර දීමට තැත් කර ඇති අවස්ථාවේදී මෙලෙස පොලිසියට බාර දී ඇත. සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මුගුණුවටවන, මහගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අත තිබුණු පිහිය උදුරා ගැනීම සඳහා පොර බැදූ රෝහල් ආරක්ෂක අංශ නිළධාරියෙකුට සුළු තුවාල සිදුවී ඇත.
 

More News..