brand logo

බිත්තර මිල ඉහළට

23 July 2020

බඩඉරිඟු අධික මිලට අලෙවි කිරීම සඳහා සඟවා තබාගෙන සිටින අතරමැදි වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු නොකරන්නේ මන්දැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය ප්‍රශ්න කරයි. එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර ‘අරුණට’ සඳහන් කළේ අතරමැදියන් විසින් කුකුළු ආහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟු තොග සැඟවීම හේතුවෙන් ඉදිරි මාසයේදී බිත්තර මිල රුපියල් 25 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් උදාවී ඇති බවය. බඩඉරිඟුවලට රජය රුපියල් පනස් පහක සහතික මිලක් නියමකර තිබෙනවා. නමුත් අතරමැදියන් අඩු මිලට ගොවීන්ගෙන් රැස් කරපු බඩඉරිඟු තොග සඟවාගෙන කිලෝවක් රුපියල් හැත්තෑපහ සහ අසූව වැනි ඉහළ මිලට කුකුළු ආහාර සඳහා අලෙවි කරනවා. ඒත් පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වනතුරු මේ එක අතරමැදියෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. හැබැයි බිත්තර සහ කුකුළුමස් වැඩිමිලට අලෙවි කරනවා කියලා අපිට චෝදනා කරනවා. කුකුළු ආහාර සියයට පනහක් බඩඉරිඟු යොදා ගන්නා බවත් අතරමැදියන්ගේ මෙම ක්‍රියාව හේතුවෙන් බිත්තර මිල මේ වන විට රුපියල් විසි දෙක දක්වා ඉහළ දැමීමට සිදුව ඇති බවත් හෙතෙම කීවේය. ආනයන ගැටලු විසඳීමෙන් අනතුරුව තවත් මාසයකින් පමණ බඩඉරිඟු ආනයනය කරන තුරු මෙම ගැටලුව පවතින බවත් ඒ වන විට බිත්තර මිල රුපියල් 25 දක්වා ඉහළ යෑමේ හැකියාව පවතින බවත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.   නයන තරංග ගමගේ
 

More News..