brand logo

බිග් මැච් සංදර්ශනවලට උපදෙස් මාලාවක්

29 February 2020

බිග් මැච්” හෙවත් අන්තර්පාසල් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙලපාලිවලදී පාසල්වල කීර්තිනාමය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. එම තරගාවලි පවත්වනසියලු ජාතික පාසල්වල විදුහල්පතිවරුන්, ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති හමුවකදී අධ්‍යාපනඅමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්. ඒ අනුව  බාලිකා පාසල්වල දැරියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීම, තම පාසලේ අනන්‍යතාවට, කීර්තිනාමයට නිගරු වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, ඉතා අපරීක්ෂාකාරී අයුරින් රථ වාහනවල නැඟ ගමන් කිරීම යනාදී ක්‍රියාවන්ගෙන්වැලකී සිටිය යුතු බවට එහිදී උපදෙස් ලබා දී ඇත. එමෙන්ම මත්ද්‍රව්‍ය,මත්පැන්, දුම්වැටි වැනි හානිකර ඇබ්බැහිවීම්වලට යොමුවීම, මහමඟ ගමන් කරන පුද්ගලයින්ට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කිරීම වැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිසුන් වෙත උපදෙස් ලබාදුන් බව එම අමාත්‍යාංශය පැවසුවේය.
 

More News..