brand logo

බිංගිරියේ කාර්මාන්තශාලාවක් නිසා උණුසුම් තත්වයක්

26 April 2021

බිංගිරිය, විලත්තව ප්‍රදේශයේ ජනතාව අද(26) විරෝධතාවයක නිරත විය. කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින එම ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක් වසා දමන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් විසින් මෙම විරෝධතාවයේ නිරතව සිට ඇත. කොවිඩ් රෝගීන් විශාල වශයෙන් වාර්තා වුවන් මෙම කර්මාන්ත ශාලාව වසා නොදමා තවමත් පවත්වා ගෙන යන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර එම කර්මාන්තශාලාවෙන් කොවිඩ් ආසාදිතයින් 142දෙදෙනෙකු හමුවී ඇති බව ඔවුන් පවසයි. පොලීසිය මැදිහත් වීමෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට කටයුතු කළ අතර තත්වය පාලනය කිරීමට බිංගිරිය, හෙට්ටිපොල, දුම්මලසුරිය සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් ද පැමිණ සිටි බව වාර්තා වේ.  
 

More News..