brand logo

බෑගයකින් හමු වූ කාන්තා සිරුර හඳුනාගැනීමට මහජන සහාය පතයි

05 November 2021

සිරුර රාගම ශික්ෂණ රෝහලේ

සපුගස්කන්ද - මාබිම - තෙල් පිරිපහදු සංකීර්ණය අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබූ ගමන් බෑගයක් තුළ තිබී හමු වූ කාන්තා මළ සිරුර හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා. ඒ අනුව කාන්තාවක් අතුරුදන්ව සිටී නම් ඥාතීන්ට සපුගස්කන්ද පොලිසිය සම්බන්ධ කරගෙන රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මළ සිරුර හඳුනා ගැනීමට හැකියාව පවතින බවයි පොලිසිය සඳහන් කළේ. අත් පා ගැට ගසා ගමන් බෑගයට දමා තිබූ මෙම මළ සිරුර ප්ලාස්ටික් පැදුරකින් ඔතා තිබූ අතර, මියගිය කාන්තාව වයස අවුරුදු 30ත් 40 ත් අතර වයසේ පසුවන්නියක් බවට පොලිසිය සැක කරනවා. කෙසේ වෙතත්, මළ සිරුර හමු වූ කසල ගොඩ ආසන්නයේ සී.සී.ටී.වී. නොමැති බැවින් වෙනත් ක්‍රම ඔස්සේ එය අදාළ ස්ථානයට රැගෙන ආ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 03ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි සපුගස්කන්ද පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ. මළ සිරුර සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත ව තිබෙනවා.
 

More News..