brand logo

බැසිල් නැත්තන් පොහොට්ටුවත් නැහැ - එස් එම් චන්ද්‍රසේන

08 March 2020

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒ.ජ.ප. එක්ව කටයුතු  කරද්දි රට ගැන හිතන අයට එකතු වෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අපටත්  ජනතාවටත් ශක්තිය දුන්නේ බැසිල් රාජපක්ෂ මහතායි. පක්ෂයක් පිහිටුවා වසරකටත්  අඩු කාලයක් තුල  ලංකාවේ ප්‍රබලතම පක්ෂ දෙකම එකට තියල පරාජය කරන්න අපට පුලුවන් උනේ ඒ නිසයි. යැයි  ඉඩම් ඉඩම් සංවර්ධන , වනජිවි හා පරිසර අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය .
අමාත්‍ය වරයා මෙි බව සදහන් කලේ  අනුරාධපුර පක්ෂ කාර්යාල යේ පැවති පොදු ජන පෙරමුණේ ඉංජිනේරු පෙරමුණේ ඊ කැන්වසින් සාමාජිකයන්  අමතමින්ය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා මෙසේ ද පැවසීය . එදා අපි කොළඹට කැදවලා බැසිල් මහත්තයා ඊ කැන්වසින් ක්‍රමය ගැන පැහැදිලි කලා. ඒක අපිට ප්‍රශ්නයක් උනා පස්සෙ ආසනේකින් තුන් දෙනෙක් පුහුණු කරල රට පුරාම ඉංජිනේරු බලකාය හරහා මෙික ව්‍යාප්ත කරා. මෙි නිසා  2015 දි යහපාලනය කල කුමන්ත්‍රණ පරාජය කිරිමට හැකි උනා. සංවිධායක වරැන්ටත් මෙික නිසා මග හරින්න බැරි උනා .ඒනිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වඩාත් පහසු උනේ මේ ඊ කැන්වසින් ක්‍රමයයි.
ඉතිහාසය යේ වැඩිම ජන්ද ප්‍රතිශතය කින් ජනාධිපති පත් කලත්  බලය තිබුණෙ විපක්ෂය ලග. එතන හකීහකීම්ලා සමිබන්දන්ල, රිසාඩිල තමා හිටියේ
ගෝඨාභය මහත්තයා උපාධිධාරීන් ට විතරක් නෙමේ කවදාවත් රජයේ් රැකියාවකට යන්න බැරි අ.පො.ස (ස.පෙ.) අසමත්  අයටත් රජයේ රැකියා දෙන්න තිරණය  කලා. ඉදරියේදි  අ.පො.ස.   (උ.පෙ)  සමත් අයට ගුරු සහයක පත්විම්  එක්ලක්ෂ පණස් දහක් ලබාදීමට සැලසුම් කරල තියෙනව.
අපේ ආණ්ඩුව පටන් ගන්නෙ අප්‍රෙල්  25 න් පස්සෙයි. අද වී කිලෝ එකක් රුපියල් පණහක්  කරා විතරක්  නෙමෙි. වෙලෙන්දා තුට්ටු දෙකට ගත්ත  තෙත වී කිලෝ එකක් සදහා හොද මිලක් නියම කලා. අද ගොවින්ට සහනයක් ලැබිල හැබැයි මෙිව කලේ පාර්ලිමේන්තු බලයක් නැතුවයි. මෙි නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය විය හැකි පිරිසක් මෙවර පත් කල යුතුයි. ඒනිසා හෙලවෙන මුදල් වලට එහෙට මෙහෙට පනින,  පැනපු අය තෝරන්න එපා. ඒ ගැන විශේෂ යෙන් හිතල ජන්දයට මනාප තුනම පාවිච්චි කරන්න . යැයිද පැවසීය .
 

More News..