brand logo

බැසිල්ගේ නඩුව මාර්තු 28 දක්වා කල්යයි

21 January 2019

ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් විභාග කිරීම මාර්තු මස 28 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත. අද(21)වන දා මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවා ඇති අතර එහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා ඇත්තේ එම නඩු විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් ඊට අදාළ විභාගයක් අභියාචනාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතව ඇති බවයි. අභියාචනාධිකරණය තීරණය ලැබෙන තුරු එම නඩුවේ විභාගය මාර්තු මස 28 වනදා දක්වා කල් තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
 

More News..