brand logo

බැසිල්ගේ නඩුව මාර්තු 28ට කල්යයි

16 January 2019

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබු නඩුව මාර්තු මස 28 වනදාට යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කරයි. දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන තිස් පහකට ආසන්න මුදලක් පසුගිය ජනාධිපතිවරණය සමයේ වැය කර පයිප්ප බට මිල දී ගෙන දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභා සඳහා බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කිත්සිරි රණවක යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව කැඳවා තිබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කීපයක් මේ දක්වා පැමිණිල්ල විසින් තමන් වෙත ලබාදී නොමැති බව දැනුම් දී ඇත. මෙම නඩුව අද(16) ධම්මික ගනේපොල මහතා කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කීපයක් මේ දක්වා පැමිණිල්ල විසින් තමන් වෙත ලබාදී නොමැති බව දැනුම් දුන්නේය. රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අසාද් නවාවි මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන පිළිබඳව පරික්ෂා කර බලා ඒවා ලබාදීමට කටයුතු කර එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන මෙන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේ අතර ඒ අනුව අදාළ නඩුව මාර්තු මස 28 වනදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදිනට අදාළ ලේඛන විත්තිය වෙත ලැබී තිබේද යන්න පිළිබඳව කරුණු අධිකරණයට දන්වන ලෙස පාර්ශවකරුවන්ට ඉල්ලීමක් කළේය.
 

More News..