brand logo

බැසිල්ගේ නඩුව කල් යයි

05 November 2019

ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 36 කට ආසන්න මුදලක් වැය කර ජී .අයි. පයිප්ප බට මිලදීගෙන දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභා වෙත බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් අද (05) නියෝග කරන ලදී. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ. අනතුරුව පැමිණිලි සහ විත්ති පාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව නැවත ජනවාරි මස 20 වැනිදා යළි කැඳවන ලෙසත් එදින එය විභාගයට ගන්නා දිනය නියම කරන බවත් සඳහන් කළේය. පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 36 කට ආසන්න මුදලක් වැය කර ජී .අයි. පයිප්ප බට මිලදී ගැන දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ප්‍රාදේශීය සභා වලට බෙදා දීම තුලින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..