brand logo

බැරිම තැන රනිල් සජිත්ට කතා කරයි

12 August 2019

පසුගිය සතිය වන විට ‘ජනාධිපති අපේක්ෂකයා’ සම්බන්ධයෙන් තවදුරටත් නොවිසඳුනු එජාපයේ අවුල, රනිල්-සජිත් දෙදෙනා මුහුණට මුහුණ මුණගැසී බේරාගත යුතු තැනට ම පත්වී තිබිණි. ඒ අනුව අඟහරුවා දා මේ දෙදෙනා අතර අරලියගහ මන්දිරයේ දී තවත් ‘සතරකන් මන්ත්‍රණයක්’ පැවැත්විණි. මෙම සාකච්ඡාවේ දී පැමිණි ‘ස්ථාවරයන්’ සම්බන්ධයෙන් ද මේ දෙදෙනාගෙන් කිසිවකුත් කිසිවක් ම ප්‍රසිද්ධියේ පවසා නැත. කෙසේවෙතත් ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා යෝජිත එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සම්බන්ධ වන්නට නියමිතව සිටින පක්ෂ නායකයන් සහ එජාප නායකයන් අතර ‘තවත් රැස්වීමක්’ පැවැත්වී තිබිණි. මෙහි දී එම පෙරමුණේ ව්‍යවස්ථාවට යෝජනා වී තිබුණු ‘සංශෝධන’ ද පෙරමුණට සම්බන්ධවන්නට නියමිත පක්ෂ නායකවරුන් අතට පත් කෙරුණි. කෙසේවෙතත් රනිල්-සජිත් සාකච්ඡාව ද ‘කිසියම් එකඟතාවකට’ පාර කපා ඇති බව පෙනෙන්නේ, යෝජිත පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේ දී, ‘රනිල් - සජිත් එකඟතාවකින් යුතුව ඉක්මනින් ම පෙරමුණ බිහි කරන බව’ට කියැවුණු නිසා ය.
 

More News..