brand logo

බැරල් සංඛ අත්අඩංගුවට

20 January 2021

  අපරාධ කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මදුසංඛ නොහොත් “බැරල් සංඛ“ නැමැත්තා පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (19) දිනයේ පෑලියගොඩ ගැමුණු මාවතේ දී අත්අඩංගුවට පත්ව තිබේ. 26 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හොරෝයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 130ක් ද සොයාගෙන තිබෙනවා. අවිපෙන්වා බියගැනීම්, මත්ද්‍රව්‍ය අලෙවිය, කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ එම සැකකරු අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

More News..