brand logo

බැඳුම්කර සිද්ධියට අදාල වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබාදීම සුදුසු නෑ

07 January 2020

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාල වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙම අවස්ථාවේ ලබාදීම සුදුසු නොවන බවට නීතිපතිවරයා කථානායක කරූ ජයසූරිය මහතා වෙත දැනුම් දී ඇත. ඒ අනුව අද (07) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේ නීතිපතිවරයාගේ දැනුම්දීම කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කළේය. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් නීති කටයුතු ආරම්භ කර ඇති බැවින් හා ඉදිරියටත් එම කටයුතු සිදු කිරීමට නියමිතව ඇති බැවින් මෙම අවස්ථාවේ අදාල වාර්තා සියළුම මන්ත්‍රීවරුන් වෙත ලබාදීම සුදුසු නොවන බවට නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව කථානායකවරයා එහිදී සඳහන් කළේය.
 

More News..