brand logo

බැඳුම්කර වෝහාරික විගණනයත් පුස්සක් වන ලකුණු

16 March 2019

මහ බැංකුව 2015 පෙබරවාරි නිකුත් කළ බැඳුම්කර නිකුතුවෙන් සිදුවූ අලාභය සෙවීම සඳහා පත් කළ අගමැති කමිටුවේ විමර්ශන අවස්ථාවේ ඊට අදාළ සංවේදී තොරතුරු හා සාක්ෂි බොහෝමයක් අතුරුදන් කර ඇති බවට මහබැංකු ආරංචි මාර්ග සඳහන් කරයි. බිලියන 01ක බැඳුම්කර නිකුත් කිරීමට යෝජනා කර තිබියදී එවකට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එය බිලියන 20 දක්වා වෙන්දේසි කිරීමට යෝජනා කිරීමත්, ඔහුගේ ඥාතිත්වයක් ඇති සමාගමකට එම බැඳුම්කර මිලදී ගැනීමට පහසුකම් සැපයීම යන කරුණු සම්බන්ධයෙන් සහ එමගින් රජයට මිල කළ නොහැකි පාඩුවක් සිදුවූ බවට රට තුළ මහත් ආන්දෝලනයක් එදා සිට අද දක්වාම පවතියි. එම තත්ත්වය මත අගමැතිවරයා විසින් නීතිඥ ගාමිණී පිටිපනගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. එම අවස්ථාවේදී එම කමිටුව මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේත් බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ විමර්ශනය කර තිබේ. එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඊට අදාළ සංවේදී තොරතුරු, සාක්ෂි සියල්ලක්ම ඉහළ දේශපාලන බලපෑම මත එම ස්ථානවලින් ඉවත්කර ඇති බව හෙළිව ඇත. මෙම තත්ත්වය මත බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා පත් කළ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටු මෙන්ම විගණකාධිපති වාර්තාවටද අදාළ තොරතුරු ලබා ගැනීමට නොහැකිව ඇත්තේ මෙම තත්ත්වය නිසා බව වාර්තාවේ. මේ වන විට ජනාධිපතිවරයාගේ නියෝගයෙන් එම බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ වෝහාරික විගණනයක් කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා ඉන්දියාවේ M/S BDO India සහ M/S KPMG Sri lanka යන සමාගම්වලට ලබාදීමට පසුගිය 06 වැනි දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එහෙත් එම වෝහාරික විගණන පරීක්ෂණයටද මෙම තොරතුරු නොමැති වීමෙන් දැඩි ගැටලුවකට මුහුණ පෑමට සිදු වන බව මහ බැංකුවේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය සුගන්ධි බස්නායක
 

More News..