brand logo

බැඳුම්කර කොමිෂමට අසත්‍ය ප්‍රකාශ කළාට රවීට නඩු

30 May 2019

මහ බැංකු බැඳුම්කර වංචා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත දැනුම්දී ඇත. එලෙස අසත්‍ය ප්‍රකාශ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 189 වැනි වගන්තිය යටතේ ගැනෙන වරදක් බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය එහිදී අධිකරණයට දැනුම් දී ඇති අතර රවී කරුණානායක මහතා, ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායක සහ තව ත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව රවී කරුණානායක මහතාට එරෙහිව එලෙස චෝදනා ගොනු කරන බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයට දැනුම් දී ඇත. රවී කරුණානායක මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් සමාගමට අයත් බැංකු ගිණුම් ආදායම් වාර්තා ඇතුළු විස්තර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ලබාදෙන ලෙසට පසුගිය පෙබරවාරී 28 වැනි දා අධිකරණය නියෝග කර ඇතත් මේ දක්වා එකී නියෝග ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් විමර්ශන සම්පූර්ණයෙන් අඩපණ වී ඇති බව ඇය සඳහන් කළේය.
 

More News..