brand logo

බැද්දේ  මිතුන්ට පහර දුන් කොව්වාට පහර වදී

16 November 2022

හයර් එකට කුරුප්පුමුල්ලට ගිහින් දණ ගහගෙන ගුටි කන්න වෙලා

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක  සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු  අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි. එම සැකකරුවන් අතර ප්‍රධාන සැකකරු  " කොව්වා"  යනුවෙන් හඳුන්වන පුද්ගලයෙක් බවත් පොලිසිය පවසයි. සැකකරුවන් පහර දීමට යොදා ගත් කඩු හතරක් , ත්‍රීරෝද රථ දෙකක්  සහ හොරයින් මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත. පහරකෑමට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන  "බැද්දේ  මිතුන් "   නැමැත්තා    ත්‍රීරෝද රථයක්  යොදාගෙන කුලී ගමන් යාම සිදු කරන අතර  ඉකුත් 5 වෙනි දින රාත්‍රියේ දී  කිසියම් පුද්ගලයකු  කුලී ගමනක් යාමට කුරුප්පුමුල්ල ට පැමිණෙන ලෙස  උපක්‍රමශීලීව ලබා දුන් දුරකථන ඇමතුමක් අනුව පැමිණ තිබූ බවයි පොලිසිය පවසන්නේ. එම අවස්ථාවේ දී ඔහු  එන පෙර මඟ ත්‍රීරෝද රථයක සිට සැඟව බලා සිටි කොව්වා ඇතුළු පුද්ගලයන් සිවු දෙනෙක් බැද්දේ මිතුන් නමැත්තා දණ ගස්සා  තියුණු  ආයුධ ප්‍රහාරය එල්ල කර ඇති  බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි. සැකකරුවන් තියුණු ආයුධ වලින් පහර දීමෙන් කොව්වා නමැත්තා ගේ පාද දෙකට බරපතළ තුවාල සිදුවී කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි එම පහරදීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය කොව්වා නැමැත්තාව පානදුර ආතර් වී දියෙස් මාවතේ තිරෝද රථයක ගමන් කරමින් සිටියදී  අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකේ තිබි හොරයින් මත්කුඩු  ගෑම් 5 මිලිගෑම්  70  සොයාගෙන ඇත. ඔහුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී   පහර දීමට යොදා ගත් තියුණු ආයුධ පානදුර වලාන  ගඟ ආසන්නයේ විදේශ ජාතිකයෙකුට  අයත්    නිවසක සඟවා තිබියදී   එහි ආරක්ෂාවට සිටි පුද්ගලයෙකු සමග අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අනෙක්  සැකකරු පානදුර  අලුත් පාලම වලාන ප්‍රදේශයේදී  හෙරොයින් මත්කුඩු ගෑම් 5  මිලිගෑම් 70 ක්  අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් හේතුවෙන්   මෙම සිද්ධිය වී ඇති බව  පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ප්‍රහාරයට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙක්  අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පානදුර පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. බිමල් ශ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම
 

More News..