brand logo

බැට කෑ රටවල් අතරින් ශ්‍රී ලංකාව 6ට

13 October 2020

කාලගුණික විපර්යාසයන්ගෙන් 2018 වර්ෂයේදී වැඩිපුරම පීඩාවට පත් රටවල් අතර ශ්‍රී ලංකාවට 6 වැනි ස්ථානය හිමිව ඇති බව 2020 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය (2020 Global Climate Risk Index - CRI) අනාවරණය කරයි. මෙම ලැයිස්තුවට අයත් අනෙක් බලපෑමට ලක්වූ රටවල් පහ වන්නේ ජපානය, පිලිපීනය, ජර්මනිය, මැඩගස්කරය සහ ඉන්දියාවයි. ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය සිය ශ්‍රේණිගත කිරීම්වලදී ප්‍රධාන ලෙස සැලකිල්ලට ගෙන ඇති නිර්ණායක අතර අවදානම් සහගත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුව ඇති මරණ හා ආර්ථික ලාභයන් ප්‍රමුඛස්ථානය ගනී. ඇතිවූ දරුණු මෝසම් වැසි හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විස්සකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ඉන් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාව බරපතළ ලෙස පීඩාවට පත්ව ඇතැයි මෙම දර්ශකය අනාවරණය කරයි. මෙම දර්ශකය විසින් මේ වන විට 2019 වර්ෂයේ ලොව සිදුවූ කාලගුණික විපර්යාස සහ ස්වභාවික අනතුරු පිළිබඳ තක්සේරු කරගනිමින් සිටින අතර, වඩාත් දරුණු සිදුවීම් හේතුවෙන් සූදානම් වීමට අදාළ වඩාත්ම බලපෑමට ලක්වූ රටවල් සූදානම් විය යුතු බවද CRI වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. නයන තරංග ගමගේ
 

More News..