brand logo

බැංකොක් මැණික් වෙළෙඳපොළ වසා දැමීමෙන් ලංකාවේ ලක්ෂ 4ක ආර්ථිකය වළේ

22 May 2020

බැංකොක් ප්‍රධාන මැණික් හුවමාරු මධ්‍යස්ථානය වසා දැමීමෙන් ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ආශ්‍රිත යැපෙන්නන් ලක්ෂ හතරක් පමණ ආර්ථික දුෂ්කරතාවයට පත්ව සිටිති. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ දත්තවලට අනුව මෙරට මැණික් කර්මාන්තයේ නියැළෙන සෘජු කර්මාන්තකරුවන් හතළිස් දහසක් ද වක්‍ර රැකියාවල නියැළෙන සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවනු ඇත. ලෝකයට මැණික් තොග සපයන බැංකොක් මැණික් හුවමාරු මධ්‍යස්ථානය කොරෝනා ව්‍යසනය සමඟ වසා දමා තිබෙන බව කර්මාන්තකරුවෝ පවසති. සංචාරක ක්ෂේත්‍රය කඩාව වැටීමත් සමඟ සංචාරකයින් සඳහා මැණික් අලෙවි කළ සාප්පු හිමියෝ ණය බරින් මිරිකී කුලී ගෙවා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවට පත්ව ඇත. රත්නපුර සහ බේරුවල දේශීය මැණික් වෙළෙඳපොළ කොරෝනා ව්‍යසනය නිසා නවතා දැමීමත් සමඟ සුළු මධ්‍යම කර්මාන්තකරුවන්ගේ මැණික් අඩු මුදලට ප්‍රධාන ව්‍යාපාරිකයින් අතට පත් වීමෙන් ද කර්මාන්තකරුවෝ කර්මාන්තය අතහැර දමන මට්ටමකට පත්ව ඇත. බිඳ වැටුණු දේශීය මැණික් කර්මාන්තය යළි ගොඩ ගැනීම සඳහා මැදිහත් වන්නැයි කර්මාන්තකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.
 

More News..