brand logo

බැංකු සෙප්පුවේ තියෙන වැදගත් හඬපට අද සභාගත කරනවා - රන්ජන්

22 January 2020

තමන් සතු දුරකථන සංවාද හඩපට අද පස්වරු 6.00ට පෙර පාර්ලිමේන්තුවට සභාගත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි. අද පාර්ලිමේන්තු සභාවාරයට සහභාගිවෙමින් රාමනායක මන්ත්‍රීවරයා සදහන් කළේ තමන් සතු හඩපට වලින් කොටසක් බැංකුවක සේප්පුවක තැන්පත් කර ඇති බවයි. එම හඩපට තමන්ගේ ලේකම්වරයෙකු හරහා ලබාගෙන පාර්ලිමේන්තුවට සභාගත කිරීමට කටයුතු කරන බව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සදහන් කළේය. එමෙන්ම තමන් දුරකථනයෙන් සිදුකළ ඉතාමත් වැදගත් සංවාද හඩපට රැසක් සිංගප්පූරුවේ ද ඇති බවයි. මේ වන විට පොලීසිය සතුව තමන්ගේ දුරකථන සංවාද ඇතුළත් පරිගණක දෘඩාංග 8ක්, ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථන 4ක් ලබාදී ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..